සිංහල ටයිප් කිරීමට සාමාන්‍යයෙන් භාවිතා කරන විජේසේකර යතුරු පුවරුව වෙනුවට පහසුවෙන් සිංහල ටයිප් කිරීම සඳහා Google Input Tools භාවිතා කළ හැකියි. මෙහිදී සිංහල අකුරු ශබ්ද වෙන ආකාරයටම ඉංග්‍රීසි අකුරු ටයිප් කිරීම මගින් පහසුවෙන් සිංහල ටයිප් කිරීම සිදුකල හැකියි. උදාහරණයක් ලෙස 'සිංහල' යන වචනය සඳහා sinhala ලෙස ටයිප් කිරීම සෑහේ.
මෙම ලිපිය මගින් Google Input Tools පරිගණකයේ ස්ථාපනය කිරීම ගැන විස්තර කරයි.







